Tue. Jun 24th, 2025

මාලිමා මන්ත්‍රී කාටවත් වැටුප් නෑ!

ජාතික ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඔහුට හිමි මන්ත්‍රී වැටුප ලබා නොදෙන බව එම පක්ෂ ආරංචිමාර්ග පවසනවා. මේ සඳහා වන මූලික එකඟතාවන් ලබා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම මන්ත්‍රීවරුන් පිරිසෙන් පත් වූ ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාධරයන් දැනටමත් වැටුප් රහිතව කටයුතු කරන බැවින් මෙම තත්වයට අනුගත විය යුතු වන්නේ අභිනවයෙන් පත්වූ පිරිසයි.

මෙතෙක් කාලයක් ජීවත් වූ ආදායම් තත්වයන්ගෙන් තම දිවි පෙවෙත සරි කරගන්නා ලෙසයි මෙම පිරිසටද පක්ෂය විසින් දන්වා ඇත්තේ.

ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද අවස්ථා කිහිපයදී මේ බව අවධාරණය කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *