අහුන්ගල්ල රියු හෝටලය තුළදී රුසියානු සංචාරක කතක් දූෂණය කරන ලදැයි ඇය විසින් අහුන්ගල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම හෝටලයේම සේවකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු 30 වියැති ඌරගස්මංහන්දිය පදිංචිකරුවෙක්. අහුන්ගල්ල රියුහි රැඳී සිටි 40 වියැති බැංකු සේවිකාවක් වන මේ කාන්තාවගේ උපන් දිනය දා ඇය දූෂණයට ලක්ව තිබු බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙනවා. මෙම කාන්තාව අදාළ දිනයේ ම බලපිටි අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක්ද ලබා ගැනීමට පොලිසිය ක්‍රියාකර තිබෙනවා.
දූෂණයට ලක්වූ කාන්තාව සිය උපන්දිනය සමරා අධික ලෙස මත්පැන් පානය කර හෝටලයේ වෙන් කරගත් කාමරය වෙත ගිය බවත් එම අවස්ථාවේදී කාමරයට ආ පුද්ගලයකු විසින් ඇයව දූෂණය කර ඇති බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා.