Sat. Jun 28th, 2025

සටනෙ නෑව චරිත්-ගත්ත මනාප මෙන්න

නිවේදකයෙකු, රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන චරිත් අබේසිංහ මෙවර මහමැතිවරණය වෙනුවෙන් තරඟ වැදුණා. ඒ කොළඹ දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේග පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙසින්.

චරිත් විසින් රූපවාහිනී සංවාදයකදී පළ කළ අදහස් බොහෝ ආන්දෝලනයකට මෙන්ම විවේචනයකට ද ලක් වුණා.

චරිත් අබේසිංහ මෙවර මැතිවරණයේදී ලබා ගෙන ඇත්තේ ඉතා අවම මනාප සංඛ්‍යාවක් බව පෙනී යනවා.

කොළඹ දිස්ත්‍රික් සමගි ජනබලවේග මනාප ලැයිස්තුවේ ඔහුට ලැබී ඇත්තේ 20න් 18 වැනි ස්ථානය යි. ඔහුට ලැබී ඇති මනාප සංඛ්‍යාව 5,413ක් බවයි දැක්වෙන්නේ.
පළමු ස්ථානය ලැබූ සජබ නායකයාගේ මනාප සංඛ්‍යාව 145611ක් වන අතර ජාතික ජන බලවේගයෙන් තරඟ වැදුණු හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *