හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඉදිරි දිනවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ.
මෙවර නාමල් රාජපක්ෂ සිය දිස්ත්‍රික්කය වන හම්බන්තොටින් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබුවේ නැහැ.
එහෙත් හම්බන්තොටින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් දිනා ගනු ලැබුවා.