Sat. Jun 28th, 2025

නවක මන්ත්‍රීවරුට පුහුණු වැඩමුළුවක්!

පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් විශාල නවකයන් පිරිසක් පාර්ලිමේන්තුව වෙත තේරී පත් වුණා. මේ පිරිස ලියාපදිංචි කිරීම එළැඹෙන 19-20 දෙදින තුළ සිදු කෙරන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා.

මෙම දින දෙක තුළ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා ලියාපදිංචි විය යුතු බවයි වාර්තා වන්නේ.

එමෙන් ම නවක මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් 25,26,27 දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද සහ ආචාරධර්ම, පාර්ලිමේන්තු කාරකසභා ක්‍රමය, පණත් කෙටුම්පත් සම්මත කිරීමේ ක්‍රියාවලිය ආදිය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දෙන බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *