Sat. Jun 28th, 2025

ආර්ථික කමිටු විවාදයේ සජීවී විකාශනයට සියලුම මාධ්‍ය නාලිකා හා සමාජ මාධ්‍ය වලට අවසර

Jun7,2024

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ආර්ථික කමිටු විවාදය සඳහා ඒක පාර්ශවිකව
දිනයක් සහ ස්ථානයක් නම් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වෙයි.

එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ඉතා ඉක්මනින්ම මෙම විවාදය සදහා දිනයක් සහ ස්ථානයක් නම් කරන බවයි.

ජාතික ජන බලවේගයට ඊට නිල වශයෙන් ආරාධනා කරන බවත් ඔවුන් පැමිණියද නැතද යොදා ගන්නා දිනයට විවාදය පවත්වන බවත් හෙතෙම පැවසීය.

මෙය සජීව විකාශය සදහා සියළු මාධ්‍ය නාලිකාවන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවත් සමාජ මාධ්‍ය වලටද ඊට අවස්ථාය දීමටද කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය හා ස්වාධීන රූපවාහිනිය විසින් ඒක පාර්ශිකව නායකත්වය විවාදය සඳහා දිනයක් යොදාගෙන තිබූ ආකාරයෙන්ම මෙම විවාදයද සංවිධානය කරන බවද ඔහු පැවසීය.

එම විවාදයෙන් අනතුරුව නායකයන් අතර විවාදය සඳහාද දිනයක් නම් කර ගත හැකි බවත් ඔහු සදහන් කරයි.

ජාතික ජන බලවේගය දිගින් දිගටම ආර්ථික කමිටු විවාදය මගහරිමින් සිටින බවත් ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ට කිසිදු ආර්ථික වැඩපිළිවෙළක් නොමැති වීම බවත් පැවසූ ඔහු තම පක්‍ෂයේ ආර්ථික වැඩපිළිවෙල වැඩපිළිබඳ බ්ලූ ප‍්‍රින්ට් ලෙස ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාද විවාද ඕනෑ තරම් සමාජය ඇති වන බවත් පැවසීය.

නමුත් ජාතික ජන බලවේගය කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් දී මේ වන තෙක් ඉදිරිපත් කර නැති බවද විවිධ පුද්ගලයන් කටින් කියන දේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සලකන ලෙස අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව ඔවුන්ට කිසිදු වැඩපිළිවෙලක් නැති බව පැහැදිලි වන්නේ යයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *