2024-25 වසර තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය මධ්‍යස්ත වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර තිබුණද එය 3% ක පමණ මට්ටමක පවතිනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලබන වසරේ ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 5% දක්වා ළඟාවීමේ හැකියාව පවතින බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ කියාසිටියේ බලය පැවරීමට පෙර හිටපු ආණ්ඩුව රට සංවර්ධනය කළ බවයි.
“මේ අය මේක දැනගෙන හිටියා නම් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන් කටයුතු කළ යුතුයි. දන්නේ නැත්තම් සීයාගෙන් අහගන්න.’’ ඔහු කීවේ විනෝදයෙන්.
උදය ආර්. සෙනෙවිරත්න වාර්තාවේ නිර්දේශ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම අලුතින් පිහිටුවන පාර්ලිමේන්තුවේ පළමු කරුණක් වන බවද රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.