Fri. Jun 27th, 2025

සාමසාධක මෙහෙයුම්වලින් ගුවන් හමුදාවට ඩොලර් මිලියන 130ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 20 දෙනෙකු සහ ගුවන් භටයන් 88 දෙනෙකුගෙන් සමන්විත ගුවන් සේවා ඒකකයේ තවත් කණ්ඩායමක් සාමසාධක මෙහෙයුම් සඳහා දෙසැම්බර් මස මුල් සතියේ මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යෑමට නියමිතයි.

මෙම ගුවන් හමුදාව සාමාජිකයින්ගේ විසිරයෑමේ පෙළපාලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක රාජකාරී සදහා සම්බන්ධවීම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් පමණ මුදලක් මහ භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කළා.

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරී කටයුතු අනුයුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම් වලට දායකත්වය ලබාදීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා සහාය දැක්වීම සිදුකරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *