Wed. Apr 30th, 2025

අගමැතිනි හරිනි වෛද්‍ය ඒකකයක් ඉවත් කරයි

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය ඉවත් කර, එහි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල වෙත වෛද්‍ය නිලධාරීන්, අනෙකුත් කාර්ය මණ්ඩලය, උපකරණ සහ ගිලන්රථ දෙකක් ආපසු බාරදීමට අදාළ ලිපි ලේඛන සහ යතුරු භාර දී තිබුණා.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව අනවශ්‍ය වියදම් සීමාකිරීම සහ මෙම මානව සම්පත් සහ අනෙකුත් සම්පත් මහජන ප්‍රයෝජනය සඳහා යොදාගැනීම සඳහා වෛද්‍ය ඒකකය ඉවත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *