Sun. Jun 22nd, 2025

රත්මලානේ ඇළක් ලේ පැහැ වෙයි

රත්මලාන, බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඊයේ උදෑසන හදිසියේ රතු පැහැයට හැරීම හේතුවෙන් ප්‍රදේශවාසීහු කලබලයට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් ජනතාවට කලබල නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්දී සිටියා.

ලැබුණු තොරතුරක් මත මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාල නියෝජිතයන් ක්ෂේත්‍ර සංචාරයක නිරත වී ජලය රතු වීමට හේතුව සොයාබැලීමේ පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ජලයේ ද්‍රාව්‍ය ඩයි වර්ගයක් ජලයට මුදාහැර ඇති බව දැනගන්නට ලැබුණා.

කෙසේවෙතත් එහි PH පරීක්ෂණයට අනුව ජලයට මුදාහරින ලද රසායනිකය අනතුරුදායක නොවන බව මූලික පරීක්ෂණයෙන් ඔප්පු වී තිබෙනවා.

නිලධාරීන් වැඩිදුර රසායනාගාර පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තා.

ඊයේ පැවති අධික වර්ෂාවත් සමග ප්‍රදේශවාසියෙකු විසින් තම නිවසේ නිවසක ගබඩා කර තිබූ ඩයි වර්ගයක් ඇළට ගසාගෙන ගොස් ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූයේ.

මධ්‍යම පරිසර අධිකාරිය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ අවට ප්‍රදේශවල තවත් සම්බන්ධක ඇල මාර්ග ද පැතිරෙන මෙම ඩයි සමඟ රතු පැහැයට හැරිය හැකි බැවින් කලබල නොවන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *