හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (06) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
අමාත්‍ය විජිත හේරත් මෙහිදී සඳහන් කළේ ආරක්ෂකයින් 30 දක්වා අඩු කර ඇති බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලිපියක් එවා තිබුනත් මේ වන විටත් ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් 57 දෙනෙකු යොදවා ඇති බවයි.
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනිය මහජන ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුණා.
විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇති බව ද ඇය අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.