Sat. Jun 28th, 2025

Online Safety පනතට රජය කරන්න යන දේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පමණක් බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන්ව තිබූ පරිදිම එය සංශෝධනය කරන බවයි.

යළිත් මාධ්‍යවේදීන් විමසා සිටියේ සංශෝධනය කිරීමට නොහැකි තරමටම බරපතල අඩුපාඩු සහිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කර නව පනතක් ගෙන නොඑන්නේ මන්ද යන්නයි.

එහිදී අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ ඒ පිළිබදව සාකච්ඡා කර සිදුකළ හැකි දේ පිළිබදව සළකා බැලිය හැකි මුත් මේ වන විට තම රජයේ ප්‍රතිපත්තිය එය සංශෝධනය කිරීම පමණක් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *