රජයේ නිල නිවාස නැවත භාර නොදී පරිහරණය කරන මැති-ඇමැතිවරුන් කවුදැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හෙළිදරව් කර තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන්ද සිල්වා සහ සනත් නිශාන්තගේ නිවෙස් මේ දක්වා භාර දී නැති බවයි වාර්තා වන්නේ. හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ සහ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ නිල නිවසද මෙතෙක් භාර දී නැහැ.