රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ජනපති අනුර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් රැකියාවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ජනපතිවරයා පවසන්නේ.
පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් රට නිදහස් වූ බවත් පොදුජනයා වෙත බලය මාරු වූ බවත් පැවසූ ජනපතිවරයා මෙම තත්වය පරාජය කිරීමට දූෂිතයන් නැවත උත්සාහ කරන බවද පෙන්වා දුන්නා.
“දේශපාලකයාට කොමිස් දීපු යුගය ජාතික ජන බලවේගය අවසන් කරලා ඉවරයි. ඒ වගේම අපි රාජ්‍ය නිලධාරීන්ට කියනවා. දේශපාලකයින් විදියට අපි අපේ වැඩේ පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න. පුරවැසියන්ට කියනවා කිසි කෙනෙකුට කප්පම්, පගාව දෙන්න එපා. එහෙම කවුරුවත් ඉල්ලුවොත් අපිට කියන්න. කියන කෙනාගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ඉල්ලපු කෙනා ගෙදර යවනවා, එහෙමයි මේ රට හදන්න ඕනේ.”
මොනරාගලදී ඊයේ (05) පැවැති ජනරැළියේදී ජනපති මෙලෙස අදහස් දැක්වූවා.