Sat. Jun 28th, 2025

මහින්ද ඝාතනය කරන්න කෝටි 5ක් ගත් ජොන්ස්ටන්ගේ ෆයිල් එක කෝ?

2008 වසරේ දී රුපියල් කෝටි 5කට එවක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා තොරතුරු ලබා දීම සඳහා රුපියල් කෝටි 5ක් ලබාගත් බවට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මකව තිබූ බවත්, අදාළ ලිපිගොනුව පවා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වී ඇති බවත් ජනඅරගල සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ වදින තරිඳු උඩුවරගෙදර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කුරුුුුණෑගල පැවැති එම සන්ධානයේ ජනහමුවක් අමතමින්.

ජොන්සටන් හවුල් වූ මෙම ඝාතන සැලැසුම මහින්ද රාජපක්ෂ ජනපති වෙත හෙළිදරව් වූ බවත් පසුව සිය ජීවිත කාලයම මහින්දලා වෙනුවෙන් කඹුරන බව කියා ජොන්ස්ටන් ජීවිත දානය ලබාගත් බවත් තරිඳු එහිදී වැඩිදුරටත් කියා සිටියා. මෙම කරුණු බොරු නම් තමන්ට නඩු පවරන ලෙසද ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඔහු අභියෝග කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *