මොණරාගල දිස්ත්රික්කයෙන් මැතිවරණයට තරග කරන සමගි ජන බලවේගයේ අපේක්ෂක නීතිඥ ඉන්දික විජයබණ්ඩාරට සහ ඔහුගේ රියදුරුට ප්රහාරයක් එල්ලවීම හේතුවෙන් මොණරාගල රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන පරිදි මොවුන් දෙදෙනාට මිරිස් කුඩු සහ පොලු ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
දඹගල්ල බූසලේ කන්ද ප්රදේශයේදී මෙම ප්රහාරය එල්ල වී තිබෙනවා.
දඹගල්ල පොලිසිය පවසන්නේ පහර දුන් පුද්ගලයන් සම්බන්ධව විමර්ශන සිදු කරන බවයි.