Sat. Jun 28th, 2025

දයාසිරිට වට්සප් ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ වට්සැප් ගිණුම ද මේ වනවිට හැක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඉකුත් 03 වන දින රාත්‍රියේ සිට තම වැට්සැප් ගිණුම මෙලෙස හැක්වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම හැකර්වරුන් විසින් තම හිතමිතුරන් වෙත රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස ඉල්ලා පණිවුඩ යොමු කර තිබෙන බව ද දයාසිරි ජයසේකර වැඩි දුරටත් පැවසුවා.

මහජන බැංකුවේ ඉංගිරිය ශාඛාවේ සුරේශ් කුමාර නැමති ගිණුමට මුදල් තැන්පත් කරන ලෙස තම හිතවතුන්ට පණිවුඩය යවා තිබෙන බවත් එලෙස මුදල් ඉල්ලා කිසිවකුටත් පණිවුඩය යොමු නොකල බවත් පැවසු දයාසිරි එම ගිණුමට මුදල් තැන්පත් නොකරන ලෙස ඉල්ලා සිටියා.

පසුගිය ඔක්තෝබර් 28 වනදා මුජිබර් රහුමාන් ද සිය වට්සැප් ගිණුම හැක්කර තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *