Sat. Jun 28th, 2025

එල්.ටී.ටී.ඊ ඇඳුම් හොයන්න සුජීවගේ ගෙට පැනලා

එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඇඳුම් ඇති බව පවසමින් දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් හදිසියේම තමාගේ නිවසට පැමිණ විමර්ශනයක් සිදු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

අද (04) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සුජීව සේනසිංහ මහතා මේ බව සඳහන් කළා.

කුමන ආණ්ඩුවක් පත්වූවත් දේශපාලන පළිගැනීම්වලට එරෙහිව තමා මින් පෙර අවස්ථාවලදීද පෙනී සිට ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීමට කැමති බවද සුජීව සේනසිංහ මහතා මෙහිදී පවසා තිබෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මාලිමාව බලයට පත් වූ විගස සුමානයක් ඇතුළත් 70ක් පමණ අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු දුන් අතර මේ වන විට නව ආණ්ඩුව විශ්‍රාම ගිය දේශපාලනයට සම්බන්ධ වූ ඇතැම් නිලධාරීන් පොලීසියට පත් කර දේශපාලනයේ නියැලෙන බවයි.

 “එල් ටී ටී ඊ සංවිධානය ඉවර වෙලා අවුරුදු 15කට පස්සේ, එල් ටී ටී ඊ ඇඳුම් තියෙනවා කියලා මොනවද හොයන්න තියෙන්නෙ පොලීසියට. පොලීසිය ඔච්චර කල් මොනවද හෙව්වේ එතකොට, අපේ ගෙදර එච්චර කල් ඇඳුම් තිබ්බේ නැද්ද? මං අඳින්නේ එල් ටී ටී ඊ සංවිධානයේ ඇඳුම්ද? හෙන බොරුවක්නේ, එල් ටී ටී ඊ කියලා ගාවනවා උසාවියේ කියලා තීන්දුවක් ගන්නවා, විනිසුරු පනිශ්මන්ට් දෙන්න ඕන මේ වගේ පොලිස් නිලධාරීන්ට”    

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *