පාස්කු ඉරිදා ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වරදකරුවකු වී වන්දි මුදල් ගෙවීමට සිදු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පෙරේදා (2) බත්තරමුල්ල හෝටලයකදී බැණුම් ප්රහාරයකට ලක්ව තිබෙනවා.
හිටපු පොලිස්පත්වරයා බත්තරමුල්ල නගරයේ හෝටලයක ආහාර ගනිමින් සිටියදී යාබද මේසයක ආහාර ගත් තිදෙනෙක්ගෙන් අයෙකු මෙසේ පාස්කු ප්රහාරය සිහි කරමින් හිටපු පොලිස්පතිවරයාට බැණ වැදී තිබෙනවා.
ආහාර ගෙන දෙපිරිසම හෝටලයෙන් එළියට පැමිණි පසුද බහින්බස් වී ඇති අතර හිටපු පොලිස්පතිවරයා තලංගම පොලිසියට දුරකතනයෙන් අමතා ඇති අතර පසුව එම පොලිසියේ කණ්ඩායමක් පැමිණ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.