Sat. Jun 28th, 2025

ජූලි මාසයේ සිට විදුලිබිලට වෙන දේ

Jun6,2024

ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිතයි.

විදුලි බිල අඩුකිරීමෙ යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක් සඳහා රුපියල් 08 සිට 06 දක්වා අඩු කිරීමට නියමිතයි.

ඒකක 30 – 60 අතර ඒකකයක් රුපියල් 20 සිට 09 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 දක්වා ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට නියමිතයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒකක 90- 180 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමට යෝජනා කර ඇතිබවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *