Sat. Jun 28th, 2025

සරම්ප නිවාරණ සතිය ඇරඹෙයි

සරම්ප නිවාරණ සතිය අද (04) ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අද සිට ලබන 9 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ අද සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවයි.

වෛද්‍යවරයා පැවසුවේ, ලබන 9 වැනිදා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා රෝගීන් 1100 ක් වාර්තා වී තිබෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබෙන බවයි.

පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසීමේ හැකියාව පවතිනවා.

0117446513 , 0117682722 , 011768 28 72 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *