මුදල් ඇමැතිවරයා ලෙස ජනපතිවරයා විසින් මෙම මස නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී අය-වැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වෙනවා.
2025 වර්ෂයේ අප්‍රේල් දක්වා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙය ඉදිරිපත් කරන අතර පසුව 2025 වසර සඳහා අය-වැය ඉදිරිපත් කරනු ඇති.
භාණ්ඩාගාර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මුදල් අමාත්‍යංශ්‍ය අතුරු සම්මත ගිණුම මේ වන විට සකස් කරමින් සිටින බවයි. නව පාර්ලිමේන්තුව රැස්වනු ලබන්නේ මේ මස 21 වැනි දිනයි.
අතුරු සම්මත ගිණුමෙන් රජයේ සේවක වැටුප් වැඩි නොවෙතත්, අය-වැය තුළින් රු.6500-7500 දක්වා වැටුප් වැඩිකිරීමක් සැලසුම් කෙරෙන බවයි දැනගැනීමට ඇත්තේ. භාණ්ඩාගාරයට අනවශ්‍ය බරක් නොවන පරිදි එය සිදුකිරීමට උත්සාහ දැරෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුව තිබෙන බවයි ආරංචිමාර්ග වාර්තා කරන්නේ.
මෙම මුදලට වඩා ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්නේ නම් එකතු කළ අගය මත වන බද්ද (VAT) තවත් ඉහළ දැමීමට සිදුවන බව පැවසෙනවා.