හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුවහොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ පවසා තිබෙනවා.
ඔහු මේ බව පැවැුවේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීමට එරෙහිව රොස්මිඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බව පැවසු ගමගේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සලසා දෙනුයේ ත්‍රිරෝද රථයකින්දැයි ප්‍රශ්න කර සිටියා.
මෙරට වැඩිම තර්ජනයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනුයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මනදොළ පිනවීමට දැයි ඇසූ ගමගේ කියා සිටියේ කිසියම් පිරිසකගේ උවමනාව මත හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩුකර ඇති බවයි.
2020 මාර්තු මස 19 වැනි දින නිසි ආරක්ෂක තක්සේරුවක් මගින් ගත් කැබිනට් තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ අතර ජනාධිපතිවරයා හෝ කිසියම් අයකු විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් කැබිනට් තීරණ වෙනස් කිරීම නීති විරෝධී බව ද නීතීඥ මනෝජ් ගමගේ මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.