ජාතික ජනබලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබුණහොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් පවසනවා.
යාපනයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී සුමන්දිරන් මේ බව සඳහන් කළා.
මීට අවුරුදු 06කට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ යාපනයේදී මැයි දින සැමරුමකදී රතු පටි ඇඳගෙන ගත් ඡායාරූප තවමත් ඇති නමුත් අමාත්‍ය ධුර ඉලක්ක කර ගනිමින් ඔහු සමඟ එලෙස ඡායාරූප නොගන්නා බවත් සුමන්දිරන් මහතා මෙහිදී පවසා තිබෙනවා.
“ඇමති තනතුරු ලබා ගත යුතු නැහැ කියලා පසුගිය කාලේ මතයක් තිබුණා. ස්ථීක;ර දේශපාලන විසඳුමක් ලබා දෙන තුරු මධ්‍යම රජයේ සාමජිකත්වය ලබා නොගත යුතුයි කියලා අදහසකුත් තිබුණා. නමුත් ඒක පක්ෂයේ ප්‍රතිපත්තිය නෙමෙයි, 1966 අපේ පක්ෂයේ නියෝජිතයින් අමාත්‍ය ධුර දරලා තිබෙනවා, කාලය වෙනස් වෙනවා. තත්ත්වයනුත් වෙනස් වෙනවා. ඒ අනුව එවැනි අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බවයි මගේ ස්ථාවරය.”