Fri. Jun 27th, 2025

කතරගම දේවාලය ෂෙඩ් එකකට ණය වෙලා

Oct31,2024 #credit #fuel #kataragama

රුහුණු මහා කතරගම දේවාලය විසින් තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලින් රුපියල් නවලක්ෂ අසූනවදහස් හාරසිය හැත්තෑවයි ශත අනූ තුනක (98,947,093) ඉන්ධන දැනට වසර කිහිපයක සිට ණය පදනම මත වරින් වර ලබාගෙන ඇතත් මේ වනතෙක් එම ණය මුදල ගෙවා නොමැති බැව් තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතිය පවසනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මහා මංගල්‍ය විදුලි ආලෝකකරණය, විදුලිජනක යන්ත්‍ර හා වාහන සඳහා මෙලෙස ඉන්ධන මිලදීගෙන තිබුණා.

ණය පදනමට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් යන ඉන්ධන වර්ග තිස්සමහාරම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලෙන් මිලදීගෙන තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ මීට පෙර පැවැති පාලනය විසින් රුපියල් හයලක්ෂ පනස් හයදහස් පන්සිය හතළිස් අටයි සත හතළිස් තුනක් වටිනා (656,548.43) ඉන්ධන මිලදීගෙන තිබුණා.

වත්මන් පාලනය විසින්ද රුපියල් තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය විසිදෙකයි සත පනහක් (333,122.50) වටිනා ඉන්ධන මිලදීගෙන තිබුණා.

රුහුණු මහා කතරගම දේවාලය විසින් ලබාගත් මෙකී ඉන්ධන සඳහා අයවිය යුතු මුදල් ගෙවන ලෙස තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතිය විසින් අවස්ථා කිහිපයකදී රුහුණු මහා කතරගම දේවාලයේ පාලනාධිකාරිය වෙත ලිඛිතව දන්වා ඇතත් එම මුදල් ගෙවීම දිගින් දිගටම පැහැරහරිමින් සිටින බව තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතිය පෙන්වා දුන්නා.

පසුගිය කාලයේ දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් කිසිදු ඇපයක් හෝ නොමැතිව තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.

මේ පිළිබඳ තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරි කේ. එච්. සුනිල්ගෙන් ‘මව්බිම’ කළ විමසුමකදී ඔහු මෙසේ පවසා තිබුණා.

“ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් සමුපකාර සමිතියට අයවිය යුතු මුදල් ලබාදෙන්න කියලා රුහුණු මහා කතරගම දේවාලයෙන් කිහිප අවස්ථාවකදීම ලිඛිතව ඉල්ලීම් කළා. මේ පිළිබඳ දේවාලයේ පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කළා. පසුගිය පාලන කාලයේ ලබාගත් ඉන්ධන සඳහා වගකීම ගන්න බැහැ කියලා වත්මන් පාලනාධිකාරිය කියනවා. මේ සඳහා මැදිහත් වෙන්න කියලා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාටත් ලිඛිතව දැනුම් දීලා තියෙනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *