Wed. Apr 30th, 2025

මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

Oct30,2024 #business #cbsl #currency #sl economy

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චුගැසූ බවට පසුගියදා පළවූ වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එම වාර්තාවල පළවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය වෙළඳපොළ කටයුතුවලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව බවයි.

එමඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුවී නොමැති බවත් මෙහිදී සිදු වී ඇත්තේ මහබැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟාකර ගැනීම සදහා සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කර ඇති නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *