Mon. Apr 28th, 2025

දැල්පන්දුවේ වගකීම ගන්න තර්ජිනී සූදානම්

Oct30,2024 #coach #netball #sport #tharjini

හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් පැවසුවේ පාලක මණ්ඩලය තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

දැනට ක්‍රීඩිකාවක සහ පුහුණුකාරියක ලෙස ඕස්ට්‍රේලියාවේ ලීග් තරඟාවලිය නියෝජනය කරන තර්ජනී, ඉන්දියාවේ බෙංගලෝර්හි පැවැති 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සමගාමීව ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නිරීක්ෂණ කළා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්කරවන ආකාරයෙන් අවසන් වූයේ අවසන් මහා තරගයේදී හිටපු ශූර සිංගප්පූරුව හමුවේ තියුණු පරාජයක් ලැබීමෙන්.

“මට ඇත්තේ 1 මට්ටමේ පුහුණු සහතිකයක් පමණයි, එය ජාතික කණ්ඩායමක් පුහුණු කිරීමට ප්‍රමාණවත් නැහැ. මම වසර 20 කට වැඩි කාලයක් ඉහළම මට්ටමින් රට නියෝජනය කර තිබෙනවා. මම නුදුරේදීම 2 මට්ටමේ සහ 3 මට්ටමේ පුහුණු සහතික ලබාගෙන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණු කිරීමේ අභියෝගය භාරගැනීමට සැලසුම් කරනවා.” තර්ජිනී අවධාරණය කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *