අද (06) පැවැත්වීමට නියමිත විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සූදානම් බව දැනුම්දෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස ස්වාධීන රූපවාහිනී සේවයට ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ, අදාළ විවාදයට පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම ගැන ස්වාධීන රූපවාහිනියට ස්තූතියි කරමින් වැඩිදුරටත් විමසා ඇත්තේ විවාදයේ ප්රතිපාර්ශ්වය වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගී වන බව දැනුම්දී ඇත්ද යන්නයි.
අදාළ ලිපිය පහතින් දැක්වෙයි: