Sun. Apr 27th, 2025

අවුරුද්දකදි පිට ගිය කෝච්චි ගණන මෙන්න

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවයි.

එමෙන්ම 2022 වසරේ වාර්තා වී ඇති දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 132ක්.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ 2021 සහ 2020 වන වර්ෂවලදී දුම්රිය පීලිපැනීම් 115ක් සහ 98ක් සිදුව ඇති බවයි.

මේ අතර අඛණ්ඩව සිදුවන දුම්රිය පිලීපැනීම්, දුම්රිය අවලංගු වීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය තව දුරටත් අසමත් වුවහොත් ඊට එරෙහිව වර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ මේ පිළිබඳ සාකච්ඡාවක් අද අමාත්‍යවරයාගේ මැදිහත්වීමේන් පැවැත්වීමට නියමිත බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *