Fri. Jun 27th, 2025

ඇමැති දුසිමකට අදින් පසු නඩු!

Oct30,2024 #2024 #news #slpolitics

රජයේ නිල නිවාසවල තවමත් නීතිවිරෝධී ලෙස රැඳී සිටින හිටපු ඇමැතිවරුන්ට එරෙහිව අදින් (30) පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය පවසනවා.

සියලු නිල නිවාස අද දිනයේ භාර දිය යුතු වෙනවා. හිටපු ඇමැතිවරුන් 12ක් තවමත් සිය නිලනිවාස භාර දී නැති බවයි වාර්තා වන්නේ.

හිඟ ජල සහ විදුලි බිල්පත් සම්පූර්ණයෙන් ගෙවීමෙන් පසු නිල නිවාස භාර දෙන ලෙස අමාත්‍යංශය පසුගිය දා හිටපු ඇමැතිවරුන්ට දැනුම් දී තිබුණා. රජයට අයත් අමාත්‍ය නිල නිවාස 28ක් තිබෙන බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *