Wed. Apr 30th, 2025

රනිල් ඇතුළු එජාපයට ෆේස්බුක් අකරතැබ්බක්

Oct29,2024 #facebook #ranil #social media #unp

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ගණනාවකගේ ෆේස්බුක් පිටුවලට යම් කාලයකදී ප්‍රවේශවීමට නොහැකි වීමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

වාර්තා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් පිටුවලට ජංගම දුරකථන හරහා ප්‍රවේශ වීමට නොහැකි වීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජික දිනූක් කොළඹගේ Colombo Gazette වෙත ප්‍රකාශ කර ඇත්තේ තම අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ නැරඹිය නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අවධානය යොමුකරන බවයි.

“මැතිවරණ කාලයකදී අපගේ සමාජ මාධ්‍ය නාලිකා බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. අපි අදාළ බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටිනවා. මෙය වහා නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොමැති නම් අපට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වෙයි” යැයි ඔහු සඳහන් කළා.

මෙලෙස ගැටලුවලට මුහුණදුන් ෆේස්බුක් පිටු අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිටුව ද වනවා.

කෙසේවෙතත් අනෙකුත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු එම ප්‍රශ්නයට මුහුණදෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *