මෙරට වාර්ෂික පිළිකා මරණ ප්‍රමාණය 19000කට අධික බව හෙළිදරව් වී තිබෙනවා.
එම ප්‍රමාණයෙන් කාන්තාවන් වැඩි පිරිසක් ගොදුරව ඇත්තේ පියයුරු පිළිකාවන්ට සහ පිරිමින් වැඩි පිරිසක් ගොදුරුව ඇත්තේ මුඛ පිළිකාවන්ට බවයි පැවසෙන්නේ. ලියුකේමියාව, වසා ගැටිති ආශ්රිත පිළිකා, මොළය ආශ්රිත පිළිකා සහ අස්ථි ආශ්රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වන බව අනාවරණය වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35000-40000ක් අතර පිරිසක් වාර්තා වෙනවා. වසරක් තුළදී ආසන්න වශයෙන් ළමා පිළිකා රෝගීන් 1000ක් පමණ වාර්තා වන බවයි පැවසෙන්නේ.
මෙය ජාතියක් වශයෙන් මුහුණ දෙන බියකරු ව්‍යසනයක් බැවින් මේ සම්බන්ධයෙන් ජාතික මැදිහත්වීමක් අවශ්‍ය බවයි වගකිවයුතු අංශ පෙන්වා දෙන්නේ.