Sat. Jun 28th, 2025

තවමත් ලොහාන්ලාටම ගිය පොලීසි!

Oct28,2024 #2024 #news #police #slpolitics

පසුගිය රජයේ කුප්‍රකට ඇමැතිවරයෙකු වූ ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් අනතුරට ලක් වීම වීඩි‌යෝගත කළ තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

පසුගිය 26 සෙනසුරාදා අනුරාධපුර – පාදෙණිය මාර්ගයේදී අනතුරට ලක් වූ මෙම රථය හේතුවෙන් බස් නැවතුම්පොළකට සහ වාහනයකට හානි සිදු වුණා.

වාරියපොල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වාගන්නා පොලිස් නිලධාරියෙකු එම දර්ශනය පටිගත කළ තරුණයෙකුට තර්ජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. එහිදී නිලධාරියා පවසන්නේ ඡායාරූප ගැනීම වැරදි බවයි. ජංගම දුරකතන මාධ්‍යවේදය ලෙසින් ලොව පුරා වෙනම ධාරාවක් පවා නිර්මාණය වී ඇති පසුබිමක නෛතිකව මෙම තරුණයා කිසිදු වරදක් සිදු නොකළද මෙසේ අත්අඩංගුවට ගැනීම පැහැදිලිවම අකටයුත්තක් ලෙස හැඳින්විය හැකියි.

තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල කරමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *