Sat. Jun 28th, 2025

පාස්පෝට් එකෙන් ලක්ෂ 3000ක ගොන්පාට් එකක්?

Oct28,2024 #news #police #slpolitics

මෙරට ඇති වූ විදේශ ගමන් බලපත්‍ර හිඟය සමහන් කිරීම සඳහා ගෙන්වා ඇති විද්‍යුත් චිපය රහිත ගමන් බලපත්‍ර 750000ක ප්‍රමාණය නිකුත් කිරීමේ දී ඇමරිකානු ඩොලර් ලක්ෂ 10ක පමණ මුදලක් නාස්ති වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.

මෙලෙස ගෙන්වූ ගමන් බලපත් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 1.45ක මුදලක් එපික් ලංකා නම් සමාගමට ගෙවීමට සිදුව ඇති බවයි ඔහු කියා සිටින්නේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට මෙරට එපික් ලංකා නම් සමාගමට බලය ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් අත්සන් කර තිබේදැයි සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.

විදෙස් ගමන් බලපත් ටෙන්ඩරය කැඳවීමේ දී එකක් සඳහා අවම මිලක් සඳහන් කළ තේල්ස් සමාගමට සහ එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වූ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ටෙන්ඩරය හිමි වුවත් ටෙන්ඩර් කැඳවීමේ ප්‍රශ්නයක් ඇති බව පවසා එපික් ලංකා සමාගම අධිකරණයට යෑම මෙරට විදෙස් ගමන් බලපත් හිඟය ඇතිවීමට හේතුව බව ද ජයගොඩ පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *