රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපෙක්ෂකයන් හඳුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදියි.
මෙරට තනාපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතු බව ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවයි.