සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක රෝහිණී කවිරත්න තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව රත්තොට පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
“ව්‍යාජ ගිණුම් සහ පැතිකඩ භාවිත කරමින් මට විරුද්ධව අසත්‍ය චෝදනා කරමින් අසත්‍ය කතා පතුරවන ඇතැම් පුද්ගලයන් විසින් මගේ ප්‍රතිරූපයට හානි කර තිබෙනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම පොලිසියට පැමිණිලි කළා.” යැයි රෝහිණී කවිරත්න පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ජනමාධ්‍ය වෙත පැවැසුවා.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති නීති ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය බව ඇය වැඩි දුරටත් පැවැසුවා.
සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා දේශපාලකයන්ට එල්ලවන මඩ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂයෙන් සොයාබැලිය යුතු බව ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නා.