Sat. Jun 28th, 2025

නීති විරෝධි අවි නිෂ්පාදනාගාරයක් මාතරින් මතු වෙයි

Oct25,2024 #gun shoot #illegal #police #weapon

මාතර ප්‍රදේශයේ නීතිවිරෝධී අවි නිෂ්පාදන වැඩපොළක බදාදා සිදුකළ වැටළීමකදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අවි ගබඩාව වැටළීමේදී 63 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අහංගම ප්‍රදේශයේදී, මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු පසුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරනවා.

එම අවි නිෂ්පාදන ස්ථානය වැටළීමේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මිලිමීටර් 9 ගිනි අවියක උණ්ඩ 5ක්, වෙල්ඩින් යන්ත්‍රයක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ගිනි අවි දෙකක් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති අතර, පසුව මාතර පොලිසිය විසින් ගැනුම්කරුවන් සොයා ඔවුන් ආයුධ සමඟ අත්අඩංගුවට ගත්තා.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 සහ 54 වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරුවන් මාතර පොලිසියට භාරදී ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *