ගුවන් මගීන්ට පිටව යෑමට පෙර තම ආදරණීයන් සිප වැළඳ ගැනීම සඳහා ගතවන කාලයට සීමාවක් පැනවීමට නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටපොල කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
මගීන් මෙම සමුගැනීම්වලට විශාල කාලයක් ගැනීම සිය කටයුතුවලට සහ ගුවන්ගමන්වලට බාධාවක්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.
වැඩි කාලයක් මෙලෙස සමුගැනීම්වලට අවශ්‍ය නම් ඒවා ගුවන් තොටුපොල රථගාලේදී සිදු කරගන්නැයිද ඔවුන් දැනුම් දී තිබෙනවා.