Sun. Jun 22nd, 2025

මාව ඝාතනය කරන්න-මගෙ චරිතය ඝාතනය කරන්න එපා: රෝහිත

Oct25,2024 #election 2024 #news #slpolitics

තමා තරඟ කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමට බව කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ජනතා වරම පැහැදිලි බවත් ආණ්ඩුව ජනපතිවරයාගේ පක්ෂයට ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියා.

ජනතාවගේ ප්‍රශ්න මෙම ආණ්ඩුව විසඳන ආකාරය සම්බන්ධයෙන් බලා සිට හොඳ දේට හොඳ යැයි කියන්නත් වැරදි පාරේ යන්නේ නම් විරුද්ධ වන්නත් ශක්තිමත් විපක්ෂ කණ්ඩායමක් නිර්මාණය කිරීමට තමා මෙවර පාර්ලිමේන්තු යන බව ඔහු පවසනවා.

මෙම ගමන වැළැක්වීමට තමාට උදේ සිට රෑ වෙන තුරු මඩ ගැසුවත් ජනතාව සිටින තුරු එය සාර්ථක නොවන බවත් තමාගේ චරිතය විනාශ කරනවාට වඩා තමා මරා දැමීම සුදුසු බවද වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *