Wed. Apr 30th, 2025

ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට ජනපති අත තියලා

Oct24,2024 #india #ioc #oil #power #president

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දියාවට හිමි ‘ලංකා IOC’ සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.

ත්‍රිකුණාමලයේ ඊයේ (23) පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ ප්‍රකාශ කළා.

“මේ තෙල් ටැංකි සංකීරණය තමුන්නාසේලාගේ ඇස් ඉදිරිපිට දිර දිරා යනවා. දශක කීයක්ද? එතන තෙල් ටැංකි 99ක් තියෙනවා. ඒකෙන් 24ක් තෙල් සංස්ථාවට අයිතියි. ඒ 24න් 03ක්, ඔයගොල්ලෝ දන්නවා පෞද්ගලික සමාගමක් වතුර පුරවනවා. 21ක් තෙල් සංස්තාවට අයිතියි. අපි ඒක ප්‍රතිසංස්කරණය කරලා මේ පළාතට තෙල් බෙදා හරින මධ්‍යස්ථානය බවට පත් කරනවා. තව LIOC එකට අයිති ටැංකි ප්‍රමාණයක් තියෙනවා. අමතරව ගත්තාම ටැංකි 63ක් විතර ඉතුරුවෙනවා. ඒක තෙල් සංස්ථාවයි LIOC එකයි ඒකාබද්ධ සමාගමක් බවට අපි දැන් පත්කරනවා. පත්කරලා ලංකාවට නෙමෙයි, ලංකාවෙන් එළියට තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් ගොඩනගනවා. අපි දැනට ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒක වඩාත් දියුණු වුණොත් අපි පිරිපහදුවක් ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා තෙල් වෙළෙඳාමේ හබ් එකක් බවට මේ ත්‍රිකුණාමලය පත්කරන්න පුළුවන්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *