Fri. Jun 27th, 2025

ටාසන් අවසන් ගමන යයි

Oct24,2024 #actor #cinema #tarzan

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීණ රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටාසන් කතාංගය ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ 1966 වසරේ සිට විකාශය වූ අතර එහි ටාසන්ගේ චරිතය වෙනුවෙන් රොන් එලී රංගනයෙන් දායක වුණා.

එම රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාරවලට මෙන්ම විවිධ අනතුරුවලට ද ලක්වු බව වාර්තා වනවා.

ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක් ලෙස කටයුතු කර දැවැන්ත චරිතයක් හිමි අයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *