නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම් වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා.
පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.