Sat. Jun 28th, 2025

ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන්

වාහන අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජනාධිපති කාර්යාලයේදී ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදි ඇතුළු වාහන 29ක් අතුරුදන් වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා.

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා පැය කිහිපයක් පුරා දීර්ඝ ප්‍රකාශයක් ලබා දුන් අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සති දෙකකින් ලබාදෙන ලෙස පොලිසියට දන්වා ඇති බව ද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *