Wed. Apr 30th, 2025

හරක් කටාගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (23) විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී එම නඩුව වාර්තා කිරීමට පැමිණ සිටි අධිකරණ මාධ්‍යවේදීන් ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

අධිකරණ ශාලාව භාර පොලිස් නිලධාරීයා විසින් සියලුම මාධ්‍යවේදීන් හට පිටව යන ලෙස පවසා කිසිම මාධ්‍යවේදියෙකු හට අධිකරණ ශාලාව අසලටවත් යාමට ඉඩ ලබා දී නැහැ.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා හරක්කටා ⁣සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් කිරීමට යන බැවින් අධිනීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව විනිසුරුවරයාගේ නියෝගය පරිදි එලෙස මාධ්‍යවේදීන් ඉවත් කිරිමට කටයුතු කළ බව එම පොලිස් නිලධාරියා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා.

ස්ත්‍රී දුෂණ නඩුවක් හෝ ළමා අපචාර නඩුවක් විභාග වන අවස්ථාවකදී බාහිර පාර්ශ්වයන් ඉවත් කර නඩුව පැවැත්වීමට අධිකරණයට බලයක් ඇතත් එවන් සුවිශේෂී තත්ත්වයක් නොමැති අවස්ථාවකදී මාධ්‍යවේදීන් ඉවත් කර රහසිගතව කරුණු දැක්වීමක් ඒ සඳහා අවසර ලබාදීමත් ගැටලුසහගත බව අධිකරණ මාධ්‍යවේදීන්ගේ අදහසයි.

සුවිශේෂී අවස්ථාවක් හෝ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන තත්ත්වයක් යටතේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අධිකරණ මාධ්‍යවේදීන් අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා හා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරීමට අධිකරණ මාධ්‍යවේදීන් කටයුතු කිරීමට සූදානම් බව ද වාර්තා වනවා.

එලෙස මාධ්‍යවේදීන් ඉවත් කර නඩුව ආරම්භ කළ අතර එම නඩුවට කිසිදු සම්බන්ධයක් නැති නීතිඥවරු සහ බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ ශාලාව තුළ රැඳී සිටීමට අවසර දුන් අතර වෙනත් නඩු සඳහා පැමිණි පුද්ගලයින්ට හා පොලිස් නිලධාරීන්ට අධිකරණ ශාලාවට ඇතුල් වීමට අවසර හිමිවුණේ නැහැ.

හරක්කටා නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය ද ඉන් පලා යාමට සැලසුම් කිරීම හා අනුබලදීම චෝදනා යටතේ මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් නිලධාරියෙකු හා හරක් කටාගේ රියදුරු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

නීතිඥ සංජය ආරියදාස හා නීතිඥ අසේල මුතුමුදලිගේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවත් වාර්තා වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *